Gossips

මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් හතරක් අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයින්ගේ ගෝලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මිරිහාන පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ඔවුන් සන්තකයේ තිබී ගංජා සහ ආයුධ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයන් මේ වන විට විදෙස්ගතව සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.