Gossips

පියා සහ පුතුට මරු කැඳවූ අනතුර (ඡායාරූප)

අගලවත්ත – බුලත්සිංහල – කලවැල්ලාව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අගලවත්ත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පාලමක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරෙන් එකම පවුලේ පියා, පුතෙකු සහ එම පුතුගේ දියණිය මෙන්ම වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු ද බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එහිදී වයස අවුරුදු 92ක් වන පියා සහ 51 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගිය පුත්‍රයා ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු බව සඳහන්.

(ධනුෂ්ක ලංකා නානායක්කාර – අගලවත්ත)