Gossips

ඇතැම් පක්ෂවල පසුපෙළ සාමාජිකයින් නායකයාට එරෙහිව සටන් කිරීමට පෙළඹිලා

අතීතයේ දේශපාලන පක්ෂවල බල කනු අතර යම් යම් අර්බුද ඇති වුවද, අද වන විට ඇතැම් පක්ෂවල පසුපෙළ සාමාජිකයින් පක්ෂ නායකයාට විරුද්ධව සටන් කිරීමට පෙළඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
තංගල්ල නගර ශාලාවේ ඊයේ (05) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
47 වන අප්‍රේල් විරු සැමරුම වෙනුවෙන් ජනතා විමුක්ති සංවිධාන කළ සැමරුම් මාලාවේ තංගල්ල සැමරුමට එක්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයි.