Gossips

එජාපයේ විශ්වාසභංගය කථානායකවරයාට

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට විරුද්ධව අත්සන් කළ විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනාට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහි එම යෝජනාව භාර දුන් බවයි.
මේ අතර, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හයදෙනෙකු අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් ද භාරදී තිබුණා.
ඊට මන්ත්‍රීවරුන් 33 දෙනෙකු අත්සන් තබා ඇති අතර, මෙලෙස ඉවත් කරන ලෙස ඉල්ලා ඇත්තේ එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්.
ආණ්ඩුව විවේචනය කළ මෙම පිරිස තවදුරටත් ආණ්ඩුව තුළ සිටීම, 2015 වසරේ පැවති මැතිවරණවලදී ලබාගත් ජනමතයට පිටුපෑමක් බවද අදාළ ලිපියෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.