Gossips

පුංචි ආණ්ඩු මන්ත්‍රීවරුන් 4000කුත් අඩු වන ලකුණු

රටට වග කියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වලවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ඉදිරියේදී විෂය පථ වෙනස්කම් ද සහිත පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ඊට අදාළ කටයුතු සිදුකිරීමට දෙපාර්ශවයම ඇතුළත් කමිටුවක් ද පත් කළ බවයි ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී කියා සිටියේ.
මැතිවරණ ක්‍රමයේ පවතින විකෘති තත්ත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කළා.
ඒ අනුව එම සංශෝධනය මගින් පළාත් පාලන ආයතන සඳහා පත්ව ඇති මන්ත්‍රීවරුන් 8000කට වැඩි සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට අදාළ සංශෝධන සිදුකරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.