Gossips

update : සතොස හිටපු සභාපති රිමාන්ඩ්

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
විදේශගත වීමට උත්සාහ කිරීමේදී අද (06) ඔහු කටුනායකදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
2014 වසර අවසාන භාගයේදී රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මේ අතර මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට විදේශ ගමන් වලක්වමින් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
Update : Friday, 06 April 2018 – 14.56
—————————————————————
සතොස හිටපු සභාපතිවරයෙකු වන නලින් ප්‍රනාන්දු අත්අඩංගුවට
සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අද (06) ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
2014 වසර අවසාන භාගයේදී රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් නලින් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතයි.