Gossips

හිටපු ජනපතිනියට වසර 24 ක සිරදඬූවමක්

දූෂණ චෝදනා එල්ල වී සිටි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන්හෙයිට වසර 24 ක සිරදඬූවම් නියම කර තිබෙනවා.
ඒ දකුණු කොරියාවේ දේශපාලනඥයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබා ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අද (06) පැවති නඩු විභාගයේදී ඇය වරදකාරිය වීමත් සමඟයි.
මේ අනුව, හිටපු ජනාධිපතිවරිය ඇගේ මිතුරියක වූ චොයි සුන් සීල් හරහා එරට විශාල සමාගම් කිහිපයකින් බිලියන ගණනින් මුදල් ලබාගෙන ඇති බව අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.
සිරදඬූවමට අමතරව දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට ඇමරිකානු ඩොලර් මිලියන 17 ක දඩ මුදලක් ගෙවන ලෙස ද එරට අධිකරණය නියෝග කර තිබෙනවා.