Gossips

වැලිගම පොලීසියේ රිවෝල්වරයක් අස්ථානගත වෙයි

වැලිගම පොලීසියේ රිවෝල්වරයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
විමර්ශන කටයුත්තක් සඳහා සහභාගි වී යළි පැමිණෙමින් සිටින අතරතුර මෙම රිවෝල්වරය අස්ථානවී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අදාළ විමර්ශන කටයුතු අවසන් වනතෙක් එම කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.