Gossips

හිරු දඹදිව වන්දනා නඩය බුද්ධගයාවට ළගා වෙයි

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 7 වන දිනය අදයි.
දඹදිව වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් ඊයේ (05) බුද්ධගයා පිංබිමට ළඟා වුණා.
ඒ, කුසිනාරාව සහ විශාලාව වැඳපුඳා ගැනීමෙන් අනතුරුවයි.
සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ් නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාදුන් තවත් වාසනාවන්ත පිරිසක් මෙම දඹදිව වන්දනා චාරිකාව සඳහා එක්ව සිටිනවා.
සම්බුදු පහස ලත් වෙහෙර විහාර රැසක් වන්දනාමාන කිරීමට මෙහිදී සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ සියලූ පහසුකම් සහිතවයි.
බුදුන් උපන් එම පින්බිමට පා තබා සිද්ධස්ථාන රැසක් වැඳ පුදාගන්නා මීළඟ වාසනාවන්ත නඩයට හිරු සිද්ධාර්ථ ගෞතම රේඩියෝ නාට්‍ය ශ්‍රවණය කර, ඔබටත් එක්විය හැකියි.