Gossips

නව පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට

වී ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම යෝජනාව රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට හිමිවන බවයි එම අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ අනුව, මෙතෙක් පැවති පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදීමේ ක්‍රමය වෙනුවට නැවතත් ගොවිජනතාවට සහනාධාර පොහොර ලබාදීමට පියවර ගැනෙනවා.