Gossips

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අද (04) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
බංග්ලාදේශයේ චිතගොං හිදී තරගය පැවැත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ක්‍රීඩකයින් පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 513ක් රැස්කළා.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක දැවී ලකුණු 713ක ලබාසිටියදී පළමු ඉනිම අත්හිටවනු ලැබුවා.
බංග්ලාදේශ ක්‍රීඩකයින්ට තරගය ජයපරාජයෙන් තොරව අවසන් වන විට කඩුළු 5 ක දැවී ලකුණු 307 ක් ලබා සිටියා.