Gossips

අගමැති – ජනපති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.
ඒ විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වතාවටයි. පැයකට ආසන්න කාලයක් ජනපති, අගමැති සාකච්ඡාව පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර, නාගරික සංවර්ධන අධිකාරියේ 2017 වසරේ කාර්ය සාධනයේදී විශිෂ්ඨතා දැක්වු සේවක සේවිකාවන් ඇගයීමේ පුරවර හරසර සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
ඒ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.
නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි සංවර්ධන සැලැස්මද එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.