වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකට මැදිවී යතුරුපැදිකාරියක මියගිය පුවතක් ගන්නෝරුව – පේරාදෙණිය මාර්ගයෙන් වාර්තා වනවා.
අධික වේගයෙන් පැමිණි අදාළ වෑන් රථය විදුලි කණුවේ ගැටීමෙන් පසු එය ගැළවී ගොස් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී ඇති අතර එහිදී යතුරුපැදියේ ගමන් කළ 40 හැවිරිදි කාන්තාවක බරපතල තුවාල ලැබුවා.
පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය මියගිය බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
වෑන් රථයේ රියදුරු ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර, සූරියවැව නගරයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් ද 35 හැවිරිදි කාන්තාවක ඊයේ මියගොස් තිබුණා.
එසේම, ගාල්ල – හිනිදුම මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් ද 25 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේ මියගියා.