Gossips

රජය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් ආරාධනාවක්

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන් ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින්.
එමෙන්ම, මැතිවරණ ක්‍රමයේ පවතින විකෘති තත්ත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ලෝක කම්කරු දිනය සැමරෙන මැයි 7 වැනිදා රජයේ නිවාඩු දිනයක් වන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
මේ අතර අදාල මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ විෂයපථහි වෙනසක් සමඟ ඉදිරියේදී පූර්ණ අමාත්‍යමණ්ඩල සංශෝදනයක් සිදුවන බවයි.
ඊට අදාළ කටයුතු සඳහා දෙපාර්ශවයේම කමිටුවක් පත්කෙරෙන බවද ජනපතිවරයා සඳහන් කළා.