Gossips

රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරගෙන් හෙළිදරව්වක්

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අභියෝග කරමින් අරගලයක් ආරම්භ කළ අවස්ථාවේදී තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට පක්ෂ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පුත්තලමේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, ‍ අග්‍රාමාත්‍යවරයාට ගෙනආ විශ්වාසභංගය පරාජය කිරීම සදහා කොන්දේසි 10 කට යටත්ව දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ද දේශපාලනඥයන් සහ විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.