Gossips

ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබද ජනපති වාර්තාවක් ඉල්ලයි

පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්වය සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වියළි කාලගුණි තත්වය දිස්ත්‍රික් 9 කට බලපා ඇති අතර පවුල් 143,235 ක් පමණ ඉන් පීඩාවට පත්ව සිටින බවයි.
ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සහ සෙසු ජල පහසුකම් ලබාදීම, වියළි සලාක ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අද දීර්ඝව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.