Gossips

ඡන්ද විමසීමෙන් අනතුරුව හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 105 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.
පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්.
මේ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළකලේ මෙවන් අදහසක්.