Gossips

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපතේ දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 5.9 ක භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.
ඇමරිකානු භූ විද්‍යා ආයතනය සඳහන් කළේ මෙම භූකම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 45ක් ගැඹුරින් සිදුව ඇති මෙම භු කම්පනයෙන් මින්දනාවෝ දූපතේ දාවෝ නගරයට සුළු කම්පන තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.