Gossips

මුවන් දඩයම් කිරීමේ චෝදනාවට සල්මන් ඛාන් වැරදිකරු වෙයි

චිත්‍රපටයක් රූගත කරන අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඊට වරදකරු කර තිබෙනවා.
1998 වසරේ මෙම චිත්‍රපටය රූගත කර තිබූ අතර සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්‍රා සහ නීලම් යන නළු නිලියන් එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමටයි ජෝද්පූර් අධිකරණය නියෝග කළේ.
සල්මන් ඛාන් විසින් මෙලෙස මරාදමා තිබුණේ කළු මුවන් දෙදෙනෙක්.