Gossips

එජාප මහ ලේකම් ධුරයෙන් කබීර් හසීම් ඉල්ලා අස් වෙයි ?

පක්ෂ ප්‍රතිසංවිධානය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හසීම් එම ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය දැක්වීම සඳහා ඔහු එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ නමුත් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
මේ අතර විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු අලූත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (04) රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවීමටද බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවෙන් පසු ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර ඇති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.