Gossips

මාතර – රාහුල විද්‍යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

මාතර රාහුල විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් අද (05) උදෑසන නිහඬ විරෝධතාවක නිරත වුණා.
ඒ, එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු පහරදුන් බවට පවසමින්.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමග පසුගිය 31 වනදා පැවති වාර්ෂික ක්‍රිකට් තරගය අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.