Gossips

බාලවයස්කාර දැරිය රැගෙනගිය සැකකරු දැලේ

බාලවයස්කාර දැරියක් සමඟ අතුරුදන්ව සිටි සැකකරුවෙකු පොලිසිය විසින් පසුගියදා කඩුගන්නාව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 36 හැවිරිදි විවාහක එක්දරු පියෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
හෙම්මාතගම ගිනිහප්පිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි එම දැරිය සහ සැකකරු දින 6 ක් තිස්සේ අතුරුදන්වීමත් සමඟ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අත්අඩංගුවට පත්වීමට පෙර සැකකරු විසින් දැරිය අවස්ථා කිහිපයකදීම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සැකකරු විසින් එම දැරිය මිට මාස තුනකට පෙර මුල්වරට ලිංගික අපහරණයට ලක් කර ඇත්තේ හෙම්මාතගම නගරයේදී ත්‍රීරෝද රථයකදීයි.
දහවල් කාලයේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා දැරිය නිවසින් ගොස් ඇති බවයි මව්පියන් පවසන්නේ.
ඒ අනුව සැකකරු සහ දැරිය අවස්ථා කිහිපයකදීම මේ අයුරින් හමුව තිබෙනවා.
පසුගිය 29 වනදා දැරියගේ මව විසින් හෙම්මාතගම පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දැරිය සමඟ සිටි සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
රඹුක්කන ප්‍රදේශයේ පදිංචි සැකකරු ජල බවුසර් රියදුරෙකු ලෙස සේවය කරන අයෙක් බවයි අනාවරණ වී ඇත්තේ.
හෙම්මාතගම ප්‍රදේශයේ රැකියාව සඳහා පැමිණි පසු දැරියගේ සහෝදරයෙකු සමග ඇති කර ගත් බැදිම හා මිත්‍රත්වය නිසා දැරියගේ නිවසට නිරන්තරයෙන් යෑමට පුරුදු වී තිබෙනවා.
එහිදීයි සැකකරු සහ දැරිය අතර සම්බන්ධතාව ඇතිවී ඇත්තේ.
ඒ අනුව සැකකරු තම මිත්‍රයා වූ දැරියගේ සොහොයුරාට තම ආයතනයේ රැකියාවකට යොමුකිරීමත් සමඟ ඔහු සහ එම පවුල අතර මිත්‍රත්වය වැඩිවී තිබෙනවා.
පසුව දැරිය සමග වෙනත් ප්‍රදේශයකට ගොස් සැගව සිටිමට උත්සාහ කර ඇත්තේ දැරිය බාලවයස්කාර දැරියක් වීම නිසා තමාට දඩුවම් විඳීමට සිදුවෙතැයි බියෙනි.
ඒ අනුව මොවුන් දින කිහිපයක් උඩුදුම්බර ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසේ සිට පසුව පොළොන්නරුවේ සැකකාර පුද්ගලයාගේ ඥාතී නිවසට යෑම සඳහායි කඩුගන්නාව දුම්රිය පොලට පැමිණ ඇත්තේ.
අදාළ සිදුවීමත් සමඟ කම්පනයට පත්වූ දැරියගේ මව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකරන අතර හෙම්මාතගම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.