Gossips

ලක්මාල් පළමු පදක්කමෙන් ලක්මව සරසයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒමට බර එසවීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් වූවා.
ඒ පිරිමි කිලෝග්‍රෑම් 56 බර එසවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගනිමින්.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් හිදී ඊයේ ආරම්භ වුණේ එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ එම ආර්යාවගේ ප්‍රධානත්වයෙන්.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රටවල් 71 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
සමාරම්භක උළෙලේ ආචාර පෙළපාලියේ ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ විසින්.
මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 ක් ඇතුළත්.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග අද ආරම්භවීමට නියමිතයි.