Gossips

ආහාර විසවීමකින් සිසුන් 46 ක් අනුරාධපුර රෝහලට

අනුරාධපුරය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවූ මොණරාගල ප්‍රදේශයේ සිසුන් 46 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් අද අලුයම අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිසුන් පිරිස නවාතැන් ගත් අනුරාධපුර විහාරස්ථානයක දී ඔවුන් විසින්ම සකස් කරගත් ආහාර අනුභව කිරීමෙන් අනතුරුවයි මෙම අසාත්මිකතාව ඇතිවුණේ.
රෝහල් ගත කෙරුණු සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.