Gossips

මුදලට විකිණී ඇතැයි ඒකාබද්ධයෙන් චෝදනා

ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවේදී මුදලට ඡන්දය භාවිත කිරීම සඳහා එකඟ වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අතරතුරයි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද උදෑසන 10ට ආරම්භ වුණේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් අනතුරුවයි.
යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ අතර, එය ස්ථීර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින්.
ඊට අදාළ විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් දිනය පුරා අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නලින් බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම, බිමල් රත්නායක, විමල් වීරවංශ, ආනන්ද අලූත්ගමගේ, මහින්දානන්ද අලූත්ගමගේ සහ අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, රවුෆ් හකීම්, ජෝන් අමරතුංග, සුසිල් ප්‍රේමජයන්ත එම විවාදයට එක්වෙමින් අදහස් දක්වා දැක්වූවා.