Gossips

පොලිසිය රුපියල් මිලියන 210 ක් වංචා කළ පුද්ගලයෙකු සොයයි

රුපියල් මිලියන 210 කට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
සංජය ද සිල්වා පණ්ඩිතසේකර නමින් හඳුන්වන මෙම සැකකරු රාජගිරිය – බුත්ගමුව – පෙරේරා මාවතේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
කොස්වත්ත – නාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් සැකකරු මුදල් වංචා කර ඇති බවට පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි තිබෙනවා.