Gossips

විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැලකීමට රතන හිමියන් තීරණය කරයි

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේ දී ඡන්දය ලබාදීමෙන් වැලකී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේවෙතත් විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විවාදයට අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්වෙමින් උන්වහන්සේ කියාසිටියේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි.
එමෙන්ම විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් තමන්ට විරුද්ධවිය නොහැකි බව ද උන්වහන්සේ එහිදී කියාසිටියා.