දික්ඔය ප්රදේශයේ වතු යායකදී උගුලකට හසුවී මියගොස් සිටි කොටි ධේනුවකගේ පැටවෙකු මව සොයා පැමිණ සිටියදී අල්ලාගෙන තිබෙනවා.
මව සොයා පැමිණි මාසයක් පමණ වයසැති පැටවා තේ වතු යායේ සැරිසරමින් සිටියදීයි වතු අධිකාරීවරයා විසින් අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට භාරදී ඇත්තේ.
පසුගියදා කිසියම් පිරිසක් විසින් වතුයායේ අටවා තිබූ උගුලකට මෙම කොටියා හසුවී ඇති අතර එම සත්වයා අඩි 5 ක පමණ දිගකින් යුක්ත අතර වයස අවුරුදු 14 ක් පමණ වන බවට අනාවරණ වී තිබෙනවා.
මියගිය කොටියාගේ දත් ගලවාගෙන ඇති අතර සහ පාද 4 ද කපාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම සත්වයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව ජාතික පශු සම්පත් රෝහල වෙත යොමුකර තිබෙනවා.
කොටි ධේනුව මියගිය ස්ථානයේ සිට හමුවූ පැටවා මෙන් තවත් පැටවුන් සිටිය හැකි බැවින් ඒ පිළිබඳ විමර්ශණයක් සිදුකරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන් ප්රකාශකර තිබෙනවා.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ