Gossips

කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති තේරීමේ දී දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර ගැටුමක් (ඡායාරූප)

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අවස්ථාවේදී දේශපාලන පක්ෂ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පොලිසිය මැදිහත්වීමෙන් සමතයකට පත්කර තිබෙනවා.
ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ඒ එම් ඉම්ෆාස් ඡන්ද 19 ක් ලබා ගනිමින් සභාපති ධුරයට පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභාපති ධුරයට තරග වැදුනු ඒ සී සලාහුදීන්ට ලැබී ඇත්තේ ඡන්ද 12 ක් පමණයි.
ඡන්ද විමසීම සිදුවන අතරවාරයේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට මාර්ගයේ දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර සිදුවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගැටුමක් සිදුව තිබෙනවා.
පොලිසිය එය වහාම මැඩපැවැත්වූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.




ඡායාරූප – පුත්තලම හිරාන් ප්‍රියංකර