Gossips

විශ්වාසභංග ඡන්ද සංයුතිය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විවාදයේ ජන්ද විමසීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි උනන්දුවක් මතුව තිබෙනවා.
විශ්වාසභංග යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් පමණයි.
ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත එහි අවසන් තීන්දුව වනු ඇති.
යම් හෙයකින් නාමිකව විමසන ජන්දයේදී සම තත්ත්වයක් ඇතිවුවහොත් තීරක ඡන්දය වන්නේ කථානායකවරයාගේ හෝ මූලාසනයේ ඡන්දයයි.
පාර්ලිිමේන්තුවේ සංයුතිය මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සැදුම් ලබන අතර ඉන් කතානායකවරයා හැර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව 106ක්.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතරට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 07දෙනෙකු, අමාත්‍ය මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට මන්ත්‍රීවරු 6 දෙනෙකු, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මන්ත්‍රීවරු 5 දෙනෙකු සහ ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ද ඇතුළත්.
පාර්ලිමේන්තුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 95ක් වන අතර, ඉන් 54 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර ඉතිරි පිරිස නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 6 දෙනෙකු සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ එක් මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.