Gossips

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සපයන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය

සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි ඇතුළු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු, අපහාසාත්මක ප්‍රකාශ පළ කිරීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු ආයතනවලට නිර්දේශ ලබාදෙන ලෙස අමාත්‍ය මණ්ඩලය දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ.
එමෙන්ම මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්වලින් හානියට පත් දේපළ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ඔහු කියා සිටියා.