Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් තීරණයක් ගනී

ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කෙරෙන දේශසීමාව සඳහා තම හමුදා යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
මෙක්සිකෝ දේශසීමාවෙන් සිදුකෙරෙන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙහි අරමුණ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
තම රටෙහි ජාතික ආරක්ෂාව සලකා බලා මෙම පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.