Gossips

තෙල්දෙනිය සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

මහනුවර – තෙල්දෙනිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා යළි මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. පරික්ඞීන් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
සැකකරුවන් හතරදෙනා අද (04) හදුනා ගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කර ඇති අතර එහිදි සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් සැකකරුවන් තුන්දෙනෙකුව හදුනාගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු හදුනාගෙන නොමැති නමුත් ඔහුව සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී ඇති බවයි පොලිසියට අධිකරණ දැනුම් දී ඇත්තේ.
මෙහිදී මිය ගිය තම ස්වාමි පුරුෂයාගේ මරණ සහතිකය මේ දක්වා ලැබී නොමැති බව තරුණයාගේ බිරිඳ අධිකරණයට පවසා තිබෙනවා.
එහිදි කරණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නොතිසි නිකුත් කරමින් දැනුම් දුන්නේ වහාම මරණ සහතිකය ලබාදීමට කටයුතු කරන ලෙසටයි.