Gossips

පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
එය අද (04) උදෑසන 10ට ආරම්භ වුණේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් අනතුරුවයි.
යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ අතර, එය ස්ථීර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින්.
විශ්වාසභංගය හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
ඊට අමතරව කැරළි මර්දන ඒකකය ද ස්ථානගත කර ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.