Gossips

Update : අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය මීට සුළු වෙලාවකට පෙර ආරම්භ වූවා.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් අද පෙරවරුවේ පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වුණේ ජනපතිවරයාගේ නිළ නිවසේදීයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
Update : 2018-04-04 10.03
————————————-
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව අද (04) පැවැත්වෙන විවාදයට සහභාගිවීම සඳහා මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටිනවා.