Gossips

ඇමරිකාවේ යූ – ටියුබ් මූලස්ථානයේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යූ – ටියුබ් මූලස්ථානය තුළ කාන්තාවක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පසුව එම කාන්තාව ද වෙඩි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස අතර අවුරුදු 27 සහ 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.
වෙඩි තැබීම සිදුකළ කාන්තාවගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර, ඇයගේ පෙම්වතා බවට සැක කෙරෙන 36 හැවිරිදි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා තවදුරටත් සදහන් කළේ.