Gossips

චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි

චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කළ බවයි.
ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම බදු පැනවීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.