මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඔහුගේ නව පොලිස් ප්‍රධානියාද තනතුරෙන් පහකර තිබෙනවා.
හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබාදුන්නා.
එම අධිකරණ නියෝගය භාරදීමෙන් පසු ජනාධිපති යමීන් විසින් සිය පොලිස් ප්‍රධානියා ඉවත් කළේ පසුගිය බ්‍රහස්පතින්දායි.
ඉන් අනතුරුව පත් කළ වැඩබලන පොලිස් ප්‍රධානියාද ජනපති යමීන් ඊයේ ඉවත් කළා.
ඒ, මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව කටයුතු කරන ලෙස ජනතා රැල්ලක් පැනනැගීමත් සමගයි.