Gossips

නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ පුද්ගලයින් තුන්දෙනෙකුට දඩ

නිතිවිරෝධී අන්දමින් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ බවට වරද පිළිගත් පුද්ගලයින් තුන්දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා.
ඔවුන් තුන්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන ලෙසයි මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය අද නියෝග කළේ.
අදාළ සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් ගෙන ආ දුම්වැටි තොගය රාජසන්තක කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.