Gossips

Update : සේවක වර්ජනය හේතුවෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය අවහිර වෙයි (ඡායාරූප)

ගුවන් තොටුපළ සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රධාන මාර්ගය මේ වන විට අවහිර වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපළ සේවකයින් ප්‍රධාන මාර්ගයට පිවිසීම අවහිර කරමින් රථවාහන ඇතුළු කර ඇති බවයි.
වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපළ සේවකයින් ඊයේ වර්ජනයක නිරත වූ අතර අද (03) උදෑසන බළධාරීන් සමඟ පැවති සාකච්ඡා ද විසදුමකින් තොරව අවසන් වුණා.
එම සාකච්ඡා අසාර්ථකවීම නිසා සේවකයින් පිටතට පැමිණ ගුවන් තොටුපළ පරිශ්‍රයේ විරෝධතාවයේ නිරතවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
Update : Tuesday, April 3, 2018 , 12.40PM
—————————————————–
ගුවන් තොටුපළ සේවකයින් සහ බලධාරීන් අතර අද (03) උදෑසන පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ සාකච්ඡා අසාර්ථවීම නිසා පිටතට පැමිණි සේවකයින් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවයි.
වැටුප් ඉහල නැංවීමේ ක්‍රමවේදයේ පවතින ගැටළු සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපළ සේවකයන් ඊයේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක අවතීර්ණ වුණා.
ඊට සහය පළ කරමින් මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපළ වල සේවකයින් ද මේ වන විට වර්ජනයක නිරත වන බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ භාණ්ඩාගාරික ටී.අයි. පීරිස් කියා සිටියේ.

(ඡායාරූප – ප්‍රසාද් මුතුකුඩ )