Gossips

සුපිරි පිතිකරුවා ක්‍රීඩාංගණය ඇතුළේ වැලිකඩදාසියක් ගෙන කළ වැඩේ

මේ දිනවල Christchurch හි පැවැත්වෙන නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ සිදුවූ අමුතුම සිදුවීමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ පන්දු රකිමින් සිටි නවසීලන්ත ක්‍රීඩක රෝස ටේලර් වැලි කඩදාසියක් එක්ක කළ සෙල්ලමක් හේතුවෙන්.
ප්‍රේක්ෂකාගාර ආසන්නයේ පන්දු රකිමින් සිටි ඔහුට කිසිවෙකු යම්කිසිවක් ලබාදෙන්නේ අත්සන් කර දෙන ලෙස පවසමින්.
එහි අත්සන් තබන ටේලර් පසුව දකින්නේ එය වැලි කඩදාසියක් බවයි.
කලබලයට පත්වන ටේලර් ඉක්මණින් නැවත එය විසිකර දමන්නේ සියල්ලන් සිනා සාගරයක ගිල්වමින්.
බොහෝ දෙනෙකුගේ පවසන්නේ පසුගියදා ඕස්ට්‍රේලියා ක්‍රීඩක ස්මිත්, වෝනර්, බෙන්ක්‍රොෆ්ට් වෙත තරඟ තහනමක් පැනවූ වැලිකඩදාසි සම්බන්ධ සිදුවීම මුල්කරගනිමින් ඔහු එසේ කළ බවයි.
එම අවස්ථාව පහතින්.
rn
rn