Gossips

නීති විරෝධී ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලයි (ඡායාරූප)

මහියංගණය දඹාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (03) සවස බදුල්ල සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසිනුයි මේ වැටලීම සිදු කර ඇත්තේ.
එහිදී බෙහෙත් කොටන තුවක්කුවක් සහ ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්න භාණ්ඩ සහ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත්කිරීමට නියමිතයි.

(ඡායාරූප – මහියංගනය රංජිත් )