Gossips

ලබන වසරේදී වැට් බදු අඩු කිරීමට අපේක්ෂා කරනවා – මංගල

නව දේශීය ආදායම් පනත බලාත්මකවීමත් සමඟ ලබන වසරේදී වැට් බදු අඩු කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නව පනත මගින් රජයේ බදු ආදායම මේ වසරේදී රුපියල් බිලියන 30 දක්වා වැඩිකිරීම අපේක්ෂාව බවයි.
අමාත්‍ය මංගල සමරවීර
– පනතවත් කියවපු නැති පනත කියවන්නවත් වුවමනාවක් නැති යම් යම් දේශපාලන වශයෙන් හෝ වෙනත් කාරණා නිසා ජනතාව නොමග යවන්නට දැන් වගකිව යුතු පුවත්පත් පවා කටයුතු කරනවා. ඔක්කොම පට්ටපල් බොරු. පට්ටපල් බොරු දාලා තියෙන්නේ. අඩුම ගානේ මේවා ඇත්තද නැත්තද කියලා හොයන්නවත් මේ අයට කිසි වුවමනාවක් නැහැ. දැන් මොනවාද මේ අය කියන්නේ දැන් කියනවා විදේශ රටවල රැකියා කරන අයට අපි ආදායම් බදු ගහන්න යනවාලු. ඒක සම්පුර්ණයෙන්ම බොරුවක්. අපිට භාරදුන්න පනතේ නම් විදේශ සේවකයින්ට බදු ගහන්න යෝජනාවක් තිබුනා. නමුත් අපි ඒක සංශෝධනය කළා.