Gossips

දින 34කට පසු සරසවි අනධ්‍යයන සේවකයින්, හෙට යළි වැඩ අරඹයි

මාසික හිලව් දීමනා නොලැබීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් දින 34ක් පුරා ක්‍රියාත්මක වූ සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හෙට (04) අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල විභාග සහ අනෙකුත් සියලුම දෛනික කටයුතු අඩපණ වී ඇති අතර ඇතැම් ශිෂ්‍ය සංගම් පසුගිය දා විරෝධතාවල නිරත වූයේ ද විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස ඉල්ලමින්.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් සමඟ ඊයේ (02) සාකච්ඡාවක් පැවැත්වුණා.
මේ අතර, අද (03) උදෑසන 11ට පෙර තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට කටුනායක ගුවන් තොටුපළ නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා.
වැටුප් වැඩිවීමේ ක්‍රමවේදයේ පවතින ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා ඊයේ දිනයේදී ද ඔවුන් විරෝධතාවක නිරත වුණා.
මීට අමතරව මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපළවල සේවක කරන නිලධාරීන් ද මෙම වර්ජනයට එක්වීමට නියමිත බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කළේ.