Gossips

දෝනිට පද්මභූෂන් සම්මානය

2011 වසරේ ශ්‍රී ලංකාව පරදවා ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය පිළ මෙහෙය වූ මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දීය ජනාධිපතිවරයා විසින් අද, පද්ම භූෂන් සම්මානය පිරිනමනු ලබනවා.
වසර 28කට පසු ඉන්දියාවට 2 වන ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දෙමින් එම අවසන් තරඟය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ මීට සත් වසරකට පෙර 2011 වසරේ අප්‍රේල් 2 වැනිදායි.
එම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 274ක්.
එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.
මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දෝනි නොදැවී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ලකුණු 98 ක් රැස්කරමින්.
දෝනි සම්මානය ලබාගත් අවස්ථාව පහතින්.

එම තරඟයේ සුවිශේෂ අවස්තා පහතින්.