Gossips

පැල්මඩුල්ලේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

රත්නපුර – පැල්මඩුල්ල – නෝනාගම මාර්ගයේ දෙමටගල ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 30ත්, 35ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.