Gossips

නාවලපිටිය ගින්නකින් නිවාස දෙකක් විනාශයි

නාවලපිටිය සොයිසාකැලේ ප්‍රදේශයේ පිහිටි කම්කරු නිවාස පෙළක අද උදෑසන හට ගත් ගින්නකින් නිවාස දෙකක් විනාශ වී තිබෙනවා.
පොලීසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්වී අනෙක් නිවාස වෙත ගින්න පැතිර යාම පාලනය කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
නිවසක් තුළ ඇද තිබූ විදුලි රැහැන් නඩත්තු නොකිරිම නිසා සිදුවූ විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.