Gossips

පොළොන්නරුවේදී වැලි ජාවාරම්කරුවන්ගෙන් වනජීවී නිලධාරියෙකුට ප්‍රහාරයක්

පොළොන්නරුව – සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ අනවසර වැලි ජාවාරමක් වැටලීමට ගිය පොළොන්නරුව වන ජිවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සහකාර අඩවි ආරක්ෂක පී.එම්.බී.විජේකොන් වැලි ජාවරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊයේ (01) රාත්‍රි 08.30 ට පමණ ලද තොරතුරකට අනුව මොහු අදාල වැටලීමට ගොස් තිබුණේ තවත් නිළධාරින් පිිරිසක් සමගයි.
එහෙත් සියඹලාගස්වාඩිය ප්‍රදේශයේදී වැලි ජාවරම්කරුවන් දෙදෙනෙකු තමන්ට පහරදුන් බවයි පොළොන්නරුව වන ජීවි ආරක්ෂක කාර්යාලයේ සහකාර අඩවි ආරක්ෂක පී.එම්.බී.විජේකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
අප මේ සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසියෙන් විමසීමක් කළ අතර එහි නිලධාරියෙකු කියා සිටියේ සහකාර අඩවි ආරක්ෂක නිලධාරියාට පහරදුන් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.