Gossips

කටුනායක ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවක

වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරතවුණා.
ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කර ඇති අතර, ඒ සඳහා ගුවන් හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 1500 ක පමණ පිරිසක් යොදවා තිබෙනවා.
විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඉදිරියේදී වැඩවර්ජනයකට යොමුවන බවයි කටුනායක ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ ලේකම් දිනේෂ් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.