Gossips

අවුරුදු 12 ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

කජු කැඩීමට යැයි පවසා අවුරුදු 12ක පිරිමි දරුවෙකු කැඳවාගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක වතු මුරකරුවෙකු සේවය කරමින් සිටි 34 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය 31 වනදා දහවල් කාලයේ මෙම අපචාරය සිදුව ඇති බවට පොලිසියට ලැබී ඇති පැමිණිලේ සදහන්.
අතවරයට පත්ව ඇති දරුවා තවත් දරුවන් කීහිප දෙනෙකු සමඟ ක්‍රීඩා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණ ඇති සැකකරු කජු කැඩීමට යැයි පවසා දරුවාව තමන් සේවය කරන වත්තට කැඳවාගෙන ගොස් තිබෙනවා.
සැකකරු දරුවා අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව දරුවා අතට රුපියල් 100 ක මුදලක් ලබා දී මේ සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියන ලෙසට පවසා ඇති බව සඳහන්.
අත්අඩංගුවට පත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනවා.